ඩයනා වරදක් කර ඇත්නම් අල්ලන්න - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

ඩයනා වරදක් කර ඇත්නම් අල්ලන්න - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි

ඩයනා වරදක් කර ඇත්නම් අල්ලන්න - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැදුනුම්පත්‍රය පිලිබඳව විමර්ශණයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ පැමිණිල්ල අද (09) දින කැඳවනු ලැබීය.

 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බලා, ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කර තිබේනම් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බව විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

 

තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

views

204 Views

Comments

arrow-up