අනතුරක් සිදුකර පළාගිය රියදුරු මසකට පසු ඇල්ලූ සීසීටීවි මෙහෙයුම

අනතුරක් සිදුකර පළාගිය යතුරුපැදිකරුවෙකු මාසයකට ආසන්න කාලයකට පසුව අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසිය සමත්ව ඇත.
සැකකරු පසුගිය වසරේ දෙසැම්බර් මස 2වනදා පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් පදවාගෙන යමින් සිටියදී මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකු එහි ගැටී බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
එම අවස්ථාවේ සැකකාර තරුණයා සිය යතුරුපැදිය නොනවත්වා ධාවනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළද යතුරුපැදියේ ලියාපදිංචි අංකය පැහැදිළි නොවීම හේතුවෙන් සැකකරු හඳුනාගැනීම අපහසුවී තිබේ.
කෙසේ වෙතත් මාසයකට ආසන්න කාලයක් තිස්සේ CCTV කැමරා 16ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිළියන්දල පොලීසිය විසින් මහරගම පදිංචි 22 හැවිරිදි සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
සැකකාර තරුණයා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
237 Views
Comments