වෙඩි බෙහෙත් රැගෙන ශ්‍රී මහා බෝධිය උඩමළුවට ආ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

වෙඩි බෙහෙත් රැගෙන ශ්‍රී මහා බෝධිය උඩමළුවට ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

වෙඩි බෙහෙත් රැගෙන ශ්‍රී මහා බෝධිය උඩමළුවට ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

වෙඩි බෙහෙත් ග්‍රැම් 32ක් සහ අඩි එක හමාරක් පමණ දිගැති සේවා නුලක් රැගෙන ශ්‍රි මහ බෝධිය උඩමළුවට ඇතුළු විමට පැමිණි පිටිගල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය කියයි.

 

පිටිගල තල්ගස්වලප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකරු උතුරු දොරටුවෙන්  ශ්‍රි මහ බෝධියට ඇතුළු විමට පැමිණි අවස්ථාවේදි එහි සිටි පොලිස් නිලධාරින් විසින් ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කිරිමේදි එහි ෂොපින් බැගයක දමා ගෙන තිබු මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.

 

සැකකාර පුද්ගලයා හා පුපුරණ ද්‍රව්‍ය අනුරාධපුර මුලස්ථාන පොලිසියට බාරදුන් බව උඩමළුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

views

208 Views

Comments

arrow-up