නාගරික මන්ත්‍රී ඝාතනයට වසර හතරකට පසු “කොටියා” අත්අඩංගුවට

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රී රන්ජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වසර හතරකට පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ඥානේන්ද්‍ර පාර පදිංචි හෙට්ටිගොඩ ලියනගේ මලිඳු ලක්මාල් නොහොත් ”කොටියා” නැමැත්තෙක්.
ඔහු “කුඩු අන්ජු” , “පැටියා” යන ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයන් යටතේ කටයුතු කළ ගෝලයෙකු බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් විසි නව හැවිරිදි සැකකරු දෙහිවල ගල්කිස්ස හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඔත්තු බලමින් ආධාර අනුබල දීමට අදාල චෝදනා ලැබූවෙක් බව පොලීසිය පවසනවා.
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
234 Views
Comments