“එකම අරමුණ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි, දේශපාලනය මට අවශ්‍ය නැහැ” - දසුන් ශානක

තමාගේ එකම අභිප්‍රාය රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවත් තමා කිසිදු දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැති බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
දේශපාලන පක්ෂයක් තමාගේ රුව භාවිත කරමින් දේශපාලන ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර තිබීම සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුමේ ඔහු මෙම අදහස් පලකර් තිබෙනවා.
කෙසේ නමුත් මෙම සිදුවීම මුලික අදියරේදීම දුටු ශ්‍රී ලංකා නායක දසුන් ශානක එක එල්ලේම එයට විරෝදය පල කරමින් තමන් කිසිදු විටක කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන බවත් ඔහුගේ සැබෑ ආදරය සහ ආශාව රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පමණක් බවත් පෙන්වා දී තිබෙනවා.
දසුන් ශානක සිය නිල ට්විටර් ගිණුමේ තැබූ සටහන පහතින්
283 Views
Comments