ආරවුල දුරදිග ගොස් ඇතිවූ ගැටුමෙන් පුද්ගලයෙක් මරුට - සිව්දෙනෙක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

ආරවුල දුරදිග ගොස් ඇතිවූ ගැටුමෙන් පුද්ගලයෙක් මරුට - සිව්දෙනෙක් රෝහලට

ආරවුල දුරදිග ගොස් ඇතිවූ ගැටුමෙන් පුද්ගලයෙක් මරුට - සිව්දෙනෙක් රෝහලට

පෙතියාගොඩ ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකදී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (07) රාත්‍රියේ මෙම පහරදීම සිදුවී ඇති බවය.

 

මෙම පහරදීගැනීමෙන් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට සහ තිදෙනෙක් රාගම රෝහලට ඇතුළු  කර තිබුණි.

 

එහිදී මියගොස් ඇත්තේ බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

 

ඔහු අවුරුදු 42ක් වයසැති පෙතියාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇත්තේ තියුණු ආයුධ සහ පොලු මුගුරුවලින් මෙම පුද්ගලයාට පහර දී ඇති බවය.

 

මෙම ආරවුලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

209 Views

Comments

arrow-up