JAN
16
ආර්ථිකය දැන් හොද අතට හැරිලා.. ඉදිරියේදී තවත් හොද වෙනවා - කබ්රාල්

පසුගිය මාස කිහිපයේදී මෙරට ආර්ථිකය තිබූ තත්ත්වයට වඩා යහපත් තත්ත්වයකට දැන් පත්ව ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
මේ වන විටත් මෙරට ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
සංචාරක ක්‍ෂෙත‍්‍රය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් අනෙකුත් ක්‍ෂෙත‍්‍ර හරහාද හොඳ ප්‍රගතියක් ලැබෙමින් ඇති බවද හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට මහනුවර ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
856 Views
Comments