සරසවි සිසුන්ට බූස්ටර් එන්නත ලෙස ෆයිසර්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නෙ විශ්වවිද්‍යාල සිසුන් ට ලබාදෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.
එහිදී විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ,
"විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත දෙන්න කටයුතු කරනවා. ඒ දෙවන මාත්‍රාව ගෙන මාස හයක් ඇතුළත. විශ්වවිද්‍යාල සිසුන් පළමු මාත්‍රා 2 ලබා ගැනීමට කල් ගියහොත් ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට තවත් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා තමන් ළඟම ඇති විශ්වවිද්‍යාලයට ගොස් එන්නත් මාත්‍රා 2 ලබා ගන්න. එසේ නොවුවහොත් ඔබට ෆයිසර් එන්නත ලබාගැනීමට නොහැකි වෙනවා."
762 Views
Comments