දියේ ගිලීමෙන් මරණ තුනක්

බූස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ළමුන් 6 දෙනෙකුගෙන් එක් පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. රත්ගම පොලිසිය ප්‍රකාශ කළේ බූස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14 ක ළමයෙකු එලෙස අතුරුදන්ව ඇති බවයි.
මේ අතර අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය විවාහ වීමට සිටි යුවළක්ද ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ. එසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ, 19 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 19 හැවිරිදි කුඩා ඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි. අතුරුදන් වූවන් සොයා පොලිසිය යුධ හමුදාව, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
237 Views
Comments