සොරකමකට සැකපිට ගෙනගොස් හංවැල්ල පොලිසිය තරුණයකුට එල්ලා පහර දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

සොරකමකට සැකපිට ගෙනගොස් හංවැල්ල පොලිසිය තරුණයකුට එල්ලා පහර දෙයි

සොරකමකට සැකපිට ගෙනගොස් හංවැල්ල පොලිසිය තරුණයකුට එල්ලා පහර දෙයි

හංවැල්ල පොලිසියේ නිලධාරීන් විසින් තමාට පහර දුන් බවට චෝදනා කරමින් හංවැල්ල, දිද්දෙණිය ප්‍රදේශයේ තරුණයෙකු විරෝධතාවයක නිරත වී ඇති බව වාර්තා වේ.

 

තමාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවට පහරකෑමට ලක්වූ බව කියන තරුණයා ඉල්ලා සිටී.

 

ගෙවල් බිඳීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලිසියේ රඳවාගෙන තමාට පහර දුන් බව පවසමින් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇත්තේ, හංවැල්ල, දිද්දෙණිය, හෙන්ඩ්‍රික්වත්ත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ආර්. එම්. සමන් කුමාර නම් තරුණයෙකි.

 

පසුගිය 26 වැනිදා තමන් වෙළෙඳසැලකට ගොස් සිටින අතරතුර සැකපිට තමන්ව හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, අනතුරුව හංවැල්ල පොලිසියේ නිලධාරීන් පොලිසිය තුළදී තමාට අමානුෂික ලෙස පහර දුන් බවත්, මෙම තරුණයා චෝදනා කර සිටී.

views

260 Views

Comments

arrow-up