ගිනි අවි නැවත භාර දෙන අයට තෑගි

ගිනි අවි නැවත භාරදීමේදී ත්‍යාගයක් ලබාදීමේ වැඩසටහනකින් නිව්යෝර්ක් නගරයේ ගිනි අවි 3,000ක් පමණ එකතුකර ගැනීමට හැකි වූ බව නිව්යෝර්ක් බලධාරීන් ප්‍රකාශ කරයි. විදෙස් වාර්තා පැවසුවේ නිව්යෝර්ක් නීතිපති කාර්යාලය සංවිධානය කළ එම වැඩසටහනෙන් ගිනි අවි 3,076ක් නැවත ලබා ගැනීමට හැකි වූ බවය.
එම වැඩසටහන යටතේ ප්‍රහාරක රයිෆලයකට ඩොලර් 500 ක් ද, සාමාන්‍ය රයිෆලයකට ඩොලර් 75 ක් ද, පිස්තෝලයකට ඩොලර් 150 ක්ද ලබා දීමට කටයුතු කර තිබූ අතර, නිව්යෝර්ක් නීතිපති කාර්යාලය සඳහන් කළේ සෑම ගිනි අවියක්ම ප්‍රහාරයක් සඳහා භාවිත කිරීමේ හැකියාව තිබූ බැවින් මෙම වැඩසටහන ඵලදායක වූ බවය.
260 Views
Comments