කල්පිටියේදී හොරෙන් ගෙනා බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

කල්පිටියේදී හොරෙන් ගෙනා බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

කල්පිටියේදී හොරෙන් ගෙනා බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පරාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කුඩාව වෙරළ තීරයේ ඊයේ (30) රාත්‍රියේ සහ අද (01) අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 836 කට අධික තොගයක් කල්පිටිය ප්‍රදේශයේ දී තම භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම බීඩි කොළ තොගය සමග ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

එමෙන්ම, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් කුඩාව වෙරළ තීරයේ සඟවා තිබූ උර 9 ක අසුරන ලද බීඩි කොළ 286 ග්‍රෑම් 200 ක තොගයක් ද නාවික හමුදා ඹ්හාරයට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ක් සහ 22 ක් වන කල්පිටිය ආනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

 

එම සැකකරුවන් ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදුන් බව වාර්තා වේ.

views

258 Views

Comments

arrow-up