සත්තු වත්තේ අතුරුදන් වූ නිල් මාල ගිරවා මාස 08 කට පසු ඇවිත්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

සත්තු වත්තේ අතුරුදන් වූ නිල් මාල ගිරවා මාස 08 කට පසු ඇවිත්

සත්තු වත්තේ අතුරුදන් වූ නිල් මාල ගිරවා මාස 08 කට පසු ඇවිත්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක සිටියදී මාස 08ක් තිස්සේ අතුරුදන්ව සිටි රුපියල් 1,50,000ක් වටිනා නිල් මාල ගිරවා යළිත් සත්වෝද්‍යානයට ලැබී ඇත. 

 

මෙම ගිරවා පසුගිය මැයි මස 07 වන දින සිට අතුරුදන්ව තිබුණ අතර තවත් රුපියල් 3,50,000ක් වටිනා නිල්කහ මැකෝ ගිරවෙකු අගෝස්තු මස 8 වන දින සිට කූඩුවෙන් පැන ගිය බවට වාර්තා වී තිබුණි.

 

කළුබෝවිල ප්‍රදේශයේ යුවළක් මෙම ගිරවා පෙරේදා(26) සත්වෝද්‍යානය වෙත බාර දී තිබේ.

 

මීට මාස කිහිපයක පෙර එම ගිරවා කළුබෝවිල පිහිටි නිවසට එකවර පියාඹා පැමිණි බවත් කිසිදු  හිමිකරුවෙක් ගිරවා සොයා නොපැමිණීම හේතුවෙන් කළුබෝවිල නිවසේදී මේ දක්වා ගිරවා ඇති දැඩි කර ඇති බවත් යුවල පවසා ඇත.

views

828 Views

Comments

arrow-up