මව නැති අතරේ බිරිඳගේ ගොළු නැගෙණිය කෙළෙසූ මස්සිනා රිමාන්ඩ්

හුලංදාව වතුයායේ 39 හැවිරිදි අවිවාහක ගොළු කාන්තාවක් අපයෝජනය කළ බවට සැකපිට ඇගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇයගේ මව පසුගිය 04 වන දින වෛද්‍ය ප්‍රතිකාර සඳහා අකුරැස්ස නගරයට පැමිණ තිබූ අවස්ථාවේදී මෙම අපයෝජනය සිදුවී ඇති බවට මව විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් මත අකුරැස්ස පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කෙරිණි.
අපයෝජනයට ලක්වූ ගොළු කාන්තාව සංඥා භාෂාව පිළිබඳව කිසිදු පුහුණුවක් නොමැති තැනැත්තියක් බැවින් ඇය සිය මව සමඟ අදහස් හුවමාරු කරගන්නා සරළ සංඥා ක්‍රමයට ඉතා අපහසුවෙන් සිද්ධිය පිළිබඳව ඇයගේ ප්‍රකාශය ලබා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.
අපයෝජනයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල්ගත කර ඇති අතර අකුරැස්ස පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
2744 Views
Comments