සීයාගේ නොසැලකිල්ල පුංචි මුණුබුරාව නොඑන ගමන් යවයි

නිවසේ කොරිඩෝවේ නවතා තිබූ කැබ් රියක් පසුපසට ගැනීමේදී කැබ් රථයේ පිටුපසු නැග සිටි දරුවා නිවසේ ”වැරැන්ඩා කොටසේ” සිරවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
අකුරැස්ස, නිමලව ප්‍රදේශයේදී, ඊයේ (02) උදෑසන එම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ, නිලමව, කනංකේ ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි කුඩා දරුවෙකි.
එම අවස්ථාවේ කැබ් රථය පදවා ඇත්තේ, මියගිය දරුවාගේ සීයා බව පොලීසිය පවසයි.
ඔහුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය නිසා එම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් මියගිය දරුවාගේ සීයා අත්අඩංගුවට ගෙන ඇති අතර අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
959 Views
Comments