DEC
28
රැකියාව පීඩාකාරී උනාට මිනීමරන්න එපා..! – ඇමති සරත්

රැකියාවේ පීඩන මත හිතුමනාපයේ මනුෂ්‍ය ඝාතන කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
ඒ පසුගියදා තිරුක්කෝවිල් පොලිසියේ දී පොලිස් සැරයන්වරයකු T56 ගිනි අවියකින් වෙඩි තබා පොලිස් නිලධාරීන් සිව් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
මේ සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන සිදු කර වහාම නීතිය ක්‍රියාත්මක කරන බව එතුමා වැඩිදුරටත් පැවසීය.
708 Views
Comments