DEC
28
ත්‍රීකුණාමල තෙල් ටැංකි වලට නැවතත් ඉන්දියාව අත දමයි

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග එකතුව කටයුතු කිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කරයි.
ඒ, මෙරට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා උපුටා දක්වමින්.
මෙහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපි මාස 16ක් මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටින්නේ. දැන් ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ කොන්දේසි අවසන් කිරීමට ළඟා වෙමින් ඉන්නේ. අපි ඉන්දියාවත් එක්ක අදාළ ගිවිසුම මාසයකින් පමණ අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා.” පවසා ඇත.
728 Views
Comments