බලූ පැටියා ගෙනාවාට උරණවූ පියාගේ පිහිපහරින් දරු දෙදෙනාට බරපතල තුවාල - සැකකරු රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

බලූ පැටියා ගෙනාවාට උරණවූ පියාගේ පිහිපහරින් දරු දෙදෙනාට බරපතල තුවාල - සැකකරු රිමාන්ඩ්

බලූ පැටියා ගෙනාවාට උරණවූ පියාගේ පිහිපහරින් දරු දෙදෙනාට බරපතල තුවාල - සැකකරු රිමාන්ඩ්

නිවසේ සුනඛයින් ඇති කිරීමට බලවත් විරෝධය පෑ තිදරු පියෙකු පවුලේ පිරිමි දරුවෙකු විසින් තම බාල සොයුරියට උපන්දින තෑග්ගක් ලෙසින් සුනඛයෙකු නිවසට ගෙනඒමට විරෝධය පලකර නිවැසියන් බියගන්වා උදාවූ අලූත් අවුරුදු දින නිවසේ තිබූ මන්නා පිහියකින් දරු දෙදෙනාගේ දෑත්වලට පහරදී බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන් කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර පියා මාරවිල අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.

 

කොස්වත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එම පොලිස් වසමේ බටහිර කිරිමැටියානේ තේක්ක මන්ඩියේ පදිංචි තිදරු පියෙකි.

 

මෙම පවුලේ පියා සුනඛයින් නිවසේ ඇති කිරීමට හා ඔවුන් නිවසේ එහා මෙහා ගැවසීමට අකමැත්තක් දැක්වූ අයෙකි. 

 

එහෙත් එම පවුලේ දරුවන් එවැනි සතුන්ට දැඩි ආදරයක් දක්වා ඇති අතර පවුලේ ළාබාල දියණියගේ පෙරැත්තය මත ඇගේ වැඩිමහල් සොහොයුරා පසුගිය දෙසැම්බර් මස 29 දිනට යෙදුනු උපන් දිනයට ත්‍යාගයක් ලෙස වැඩි මුදලක් ගෙවා ඩැල්මේෂන් වර්ගයේ සුනඛ පැටවෙකු ගෙනවිත්දී තිබිණි. 

 

 එහෙත් ඔවුන්ගේ පියා ඊට විරෝධය පා එම පැටවා නිවසින් පිටකරන ලෙස ඔවුන්ට බලපෑම් කළද ඔවුන් ඊට කන්දී නොමැත. 

 

කෙසේ වෙතත් අලූත් අවුරුදු දිනය උදාවත්ම පියා දරුවන්ට බැනවදිමින් එම සුනඛ පැටවා නිවසින් පිටකරන ලෙස ඉල්ලූවද දරුවන් ඊට විරෝධයපෑම නිසා ඔහු නිවසේ තිබූ මන්නා පිහියක් අතැතිව දරුවන් බියවද්දමින් හා නිවස අසල ගහකොල කපා දමමින් කෑගසීමට පටන්ගෙන ඇති අතර පියාගෙන් තමන්ට කරදරයක් වෙතැයි සිතූ දරුවන් එම මන්නා පිහිය උදුරා ගැන්මට උත්සුකවීමේදී දරුවන් දෙදෙනෙකුගේම දෑත් කැපී බරපතල තුවාල සිදුවීමෙන් ඔවුන් මාරවිල රෝහලට ඇතුලත් කර ඇත.

 

කොස්වත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

3029 Views

Comments

arrow-up