අලූත විවාහවූ යුවල ගමන්ගත් මෝටර් රිය බසයේ ගැටී සැමියා මරුට - බිරිඳට බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

අලූත විවාහවූ යුවල ගමන්ගත් මෝටර් රිය බසයේ ගැටී සැමියා මරුට - බිරිඳට බරපතලයි

අලූත විවාහවූ යුවල ගමන්ගත් මෝටර් රිය බසයේ ගැටී සැමියා මරුට - බිරිඳට බරපතලයි

රිකුණාමලය හබරණ මාර්ගයේ ගල් වංගුව නම් ස්ථානයේදී පසුගිය 01 වනදා දහවල් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හබරණ පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ මහරගම පදිංචි මිලාන් ප්‍රමුඛ විජේසිංහ නැමැති 27 හැවිරිදි අයයි. 

 

බිරිඳ අසාධ්‍ය තත්ත්වයෙන් දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් මෑතකදී විවාහ වී ඇති අයවලුන් වන අතර මෙම යුවල එදින රාත්‍රියේ හබරණ හෝටලයක නැවතී දහවල් ත්‍රිකුණාමලය බලා යාමට පිටත්ව ඇති අතර කිලෝ මීටර් හතරක් යෑමටත් පෙර මෙලෙස අනතරට පත්ව තිබේ.

 

 ගල් වංගුව අසලදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිකුණාමලය සිට කොළඹ බලා යන පුද්ගලික බස් රථයේ මෙම කාරය ගැටී ඇත්තේ තම සීමාවෙන් ඉවතට පැන ගොසිනි.

 

 බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

49570 Views

Comments

arrow-up