බැංකු ආරක්ෂකයාගේ ගිනිඅවිය පත්තු වී විසි හැවිරිදි බැංකු නිලධාරිනියට බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

බැංකු ආරක්ෂකයාගේ ගිනිඅවිය පත්තු වී විසි හැවිරිදි බැංකු නිලධාරිනියට බරපතලයි

බැංකු ආරක්ෂකයාගේ ගිනිඅවිය පත්තු වී විසි හැවිරිදි බැංකු නිලධාරිනියට බරපතලයි

නාරම්මල මහජන බැංකු ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය අත් වැරැදීමකින් ඊයේ (03දා) පෙරවරුවේ ක්‍රියාත්මක වීමෙන් එම බැංකුවේම සේවය කරන 20 හැවිරිදි බැංකු නිලධාරිනියක් තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය පවසයි.

 

ගිනි අවිය පත්තු වී තුවාල ලැබූ කුලියාපිටිය, නක්කවත්ත ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරිනිය බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

 

අදාළ ආරක්ෂක නිලධාරියා නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

1144 Views

Comments

arrow-up