යාපනයේදී කොටුවූ අපරාධ කල්ලියේ මහමොළකරුවන් ඉන්දියාවට පළා යයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

යාපනයේදී කොටුවූ අපරාධ කල්ලියේ මහමොළකරුවන් ඉන්දියාවට පළා යයි

යාපනයේදී කොටුවූ අපරාධ කල්ලියේ මහමොළකරුවන් ඉන්දියාවට පළා යයි

යාපනයේ මිනීමැරුම්, කප්පම් ගැනීම්, නිවෙස්වලට පහරදීම් ඇතුලූ‍ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කප්පම් වශයෙන් ගත් මුදල් සමඟ ඉන්දියාවට පළාගොස් ඇතැයි යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හතරදෙනා පවසා තිබේ.

 

යාපනය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම තරුණයින් හතරදෙනා අත්අඩංගුවට ගත් පසුව පසුගියදා යාපනයේ මරදනාමඩම් ප්‍රදේශයේදී පලතුරු වෙළෙන්දෙකු කඩුවලින් කපා කොටා ඝාතනය කොට ඇත්තේ මෙම කණ්ඩායම විසින් බවට තොරතුරු හෙළිවී ඇති අතර ඊට යොදාගත් කඩු හතරක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

 

මෙම කණ්ඩායම මෙහෙයවනු ලැබූ දේවා හා ජෙනී නැමැති දෙදෙනා ඉන්දියාවට පළාගොස් ඇති බව අත්අඩංගුවට පත් සැකකරුවෝ පොලීසියට පාපොච්ඡාරණය කොට තිබේ. 

 

යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශය සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරගෙන යයි.

views

825 Views

Comments

arrow-up