අද වැලන්ටයින් දිනයයි.. ඔබේ දරුවා පරිස්සම් කර ගන්න..!
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

අද වැලන්ටයින් දිනයයි.. ඔබේ දරුවා පරිස්සම් කර ගන්න..!

අද වැලන්ටයින් දිනයයි.. ඔබේ දරුවා පරිස්සම් කර ගන්න..!

ලෝක ආදරවන්තයන්ගේ දිනය යෙදී ඇති අද (14) සිය දරු- දැරියන් කූට වෙළෙඳුන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ඉඩ ඇති බැවින් දරුවන් නිවසින් බැහැරට යන්නේ නම් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි. හෝටල් කාමර, ලැඟුම්හල් සහ යොවුන් ආරවන්තයන්ගේ සතුට වෙනුවෙන් සංවිධානය වන සාද සහ සැණකෙළි ඔස්සේ දරුවන් විවිධ අපචාරයන්ට ලක්විය හැකි බවට බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු  කීය.

 

 

මේ හේතුවෙන් ජවාරම්කරුවන්ගේ නීතිවිරෝධි කටයුතු නැවතීම සඳහා හෝටල්, ලැඟුම්හල් සහ ආදරවන්තයන්ගේ සාද පැවැත්වෙන ස්ථාන කේන්ද්‍ර කරගෙන සිවිල් ඇඳුමින් සැරසුණු විශේෂ පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීවේය.

views

781 Views

Comments

arrow-up