හක්කපටස්වලට අකාලයේ බිලිවූ සද්ධන්තයින් දෙදෙනා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

හක්කපටස්වලට අකාලයේ බිලිවූ සද්ධන්තයින් දෙදෙනා

හක්කපටස්වලට අකාලයේ බිලිවූ සද්ධන්තයින් දෙදෙනා

හක්කපටස් ආහාරයට ගැනීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වන අලින් දෙදෙනෙකු පෙරේදා(05) මරණයට පත්වූ බව වනජීවී නිලධාරීන් පවසයි.

 

පොලොන්නරුව, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉහල ඇල්ලේවැව සහ කන්දේගම යන ප්‍රදේශවලදී මෙම අකල් අලි මරණ සිදුව ඇත.

 

දිඹුලාගල ඉහල ඇල්ලේවැව ප්‍රදේශයේදී මිය ගිය අලියා අඩි 08ක් පමණ උස අවුරුදු 25ක් වයස වන බවත් කන්දේගම ප්‍රදේශයේදී මියගිය අලියා අවුරුදු 10ක් 12ක් පමණ වයස අඩි 06ක් පමණ උස වන බවත් විමර්ශන සිදුකරන වෙහෙරගල අලිපාලන ඒකකයේ නිලධාරීන් පවසයි.

 

මියගිය වන අලින් දෙදෙනාම පිරිමි සතුන්වේ.

views

673 Views

Comments

arrow-up