ගස් කපන කියතකින් කකුල් දෙක කපා සිදු කළ ඝාතනය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

ගස් කපන කියතකින් කකුල් දෙක කපා සිදු කළ ඝාතනය

ගස් කපන කියතකින් කකුල් දෙක කපා සිදු කළ ඝාතනය

දෙදෙනෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුගේ කකුල් දෙක, ගස් කපන යන්ත්‍රික කියතකින් කපා බරපතළ තුවාල සිදුකර ඝාතනය කර තිබේ.

 

ඊයේ (30) දහවල් කාලයේදී එම ඝාතනය සිදුව ඇත්තේ, කටුගස්තොට පොලිස් වසමේ මහංගොඩ ප්‍රදේශයේදී බව පොලීසිය පවසයි.

 

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි පොහොලියද්ද, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු ඝාතනය සඳහා යොදාගත් යාන්ත්‍රික කියතද සමග අත්අඩංගුවට ගෙන ඇත.

views

754 Views

Comments

arrow-up