පොදු ප්‍රවාහන සේවයට එන්නත් කාඩ් පත අත්‍යවශ්‍යද?
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

පොදු ප්‍රවාහන සේවයට එන්නත් කාඩ් පත අත්‍යවශ්‍යද?

පොදු ප්‍රවාහන සේවයට එන්නත් කාඩ් පත අත්‍යවශ්‍යද?

පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම සඳහා එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමත් තවමත් සිදු කර නොමැත.

 

කෙසේ නමුත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළේ එලෙස එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා

 

"සෞඛ්‍ය අංශයෙන් යම් චක්‍රලේඛයක් හෝ දැනුවත් කිරීමක් කරනවා නම්, පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ එන්නත් තුනම ලබාගත් අය පමණයි කියලා ඒකට අපිට අනුගත වෙන්න සිද්ධවෙනවා. මොකද මේක වසංගත තත්ත්වයක්. ඒ තත්ත්වය පිළිබඳව තීන්දු තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ අනුව ඒ අය අපිට දෙනවා නම් උපදෙසක් මේ අය පමණයි පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ කියලා ඒකකට අපිිට අනුගත වෙන්න සිද්ධ වෙනවා. මේ පිළිබඳව අපි ලිඛිතව දැනුම්දීමක් කරලා නෑ. නමුත් ඔය කියන විදියට චක්‍රලේඛ නිකුත් කරලා ලිඛිතව අපිව දැනුවත් කරයි. ඒ වෙද්දි පෞද්ගලික, ලංගම හා දුම්රිය දැන්වත් කරලා එන්නත් කාඩ්පත් පරීක්ෂා කරන්න කියන උපදෙස දෙන්න පුළුවන්."

views

783 Views

Comments

arrow-up