නව කොරෝනා රැල්ලක ආරම්භය අත ලඟයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

නව කොරෝනා රැල්ලක ආරම්භය අත ලඟයි

නව කොරෝනා රැල්ලක ආරම්භය අත ලඟයි

තවමත් කොරෝනා අවදානම රටෙන් පහව ගොස් නැති බවත් රට විවෘත කර සති දෙකක පමණ කාලයක් ගතවූ පසු දෛනිකව වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව යම් තාක් දුරකින් ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මහජනතාව මේ දිනවල සෞඛ්‍ය උපදෙස් නොපිළිගන්නා තත්වයක් උද්ගතව ඇති බවත්, මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් පාලනය කරගත නොහැකි මට්ටමේ ආසාදිතයින් රැල්ලක් ඇතිවිය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.


මේවන විට වාර්තා වන ඇතැම් රෝගීන් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් බවටත් එසේ රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් වාර්තා වීමට හේතුව ලෙස තමා සිතන්නේ එන්නත් කරණයේ ප්‍රතිශතය ඉහළ යෑම බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.

හැකි ඉක්මනින් සාමාන්‍ය ජනතාව අතර අහඹු පී.සී.ආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ යුතු බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළේය.


මාධ්‍යට අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙම අදහස්  ප්‍රකාශ කළ අතර ඔහු තව දුරටත් පැවසුවේ නිතරම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම කටයුතු කරන ලෙසයි.

views

742 Views

Comments

arrow-up