බැසිල්ගේ ගෙදර හදිසියේ පිරිතක් - රාජපක්ෂවරු කවුරුත් ඇවිත් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

බැසිල්ගේ ගෙදර හදිසියේ පිරිතක් - රාජපක්ෂවරු කවුරුත් ඇවිත් නෑ

බැසිල්ගේ ගෙදර හදිසියේ පිරිතක් - රාජපක්ෂවරු කවුරුත් ඇවිත් නෑ

පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මේ දිනවල වාසය කරන්නේ බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලය පසුපස පිහිටා ඇති නිවෙසකය.

 

සාමාන්‍යයෙන් බැසිල්ගේ නිවෙසේ විශේෂ සාකච්ඡා, රැස්වීම්, සාද, රාත්‍රී භෝජන සංග්‍රහයන් නිතර පැවැත්වුණද පරිත්‍රාණ ධර්ම දේශනා, දානමාන පින්කම් එහි සිදුවන බවක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

 

නමුත් මේ දිනවල බැසිල්ගේ බිරිය වූ පුෂ්පා රාජපක්ෂ මහත්මියද ලංකාවේ සිටින බැවින් පසුගිය දිනෙක බැසිල්ගේ නිවෙසේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ දානමය පින්කමක් සංවිධාන කොට තිබිණි. ඒ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ වසරක් ගෙවී නව වසරක් උදාවන ඉකුත් දෙසැම්බර් 31 වැනිදාය.

 

රාජපක්ෂවරු කවුරුත් නෑ!

 

කෙසේ වෙතත් බැසිල්ගේ නිවෙසේ පැවැති මෙම පිරිත් පින්කමේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගන්නට ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ රාජපක්ෂ පවුල නියෝජනය කරමින් කිසිදු අයකු ඊට සහභාගි නොවී සිටීමය.

 

සාමාන්‍යයෙන් මහින්දගේ නිවෙසේ හෝ වේවා, චමල්ගේ නිවෙසේ හෝ වේවා නිතර නිතර පිරිත්, දානමාන පින්කම් පැවැත්වෙන අතර, ඊට රාජපක්ෂ පවුල නියෝජනය කරමින් බොහෝ දෙනා සහභාගි වීම සාමාන්‍ය සිදුවීමකි.

 

නමුත් බැසිල්ගේ නිවෙසේ එදින පැවති පිරිත් පින්කමට මහින්ද හෝ චමල් හෝ නාමල් හෝ ශෂීන්ද්‍ර හෝ ශිරන්ති හෝ සහභාගි නොවීම විශේෂ සිදුවීමකි.

 

 

එමෙන්ම පොහොට්ටුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට ආරාධනා කර තිබුණද දෙසැම්බර් 31 වැනිදා වීම හේතුවෙන් මන්ත්‍රි මුහුණුද එහි 10කට 12කට වඩා දැකගන්නට නොවීය.

 

ඒ අනුව පැමිණ සිටි පිරිස අතරද රාජපක්ෂ පවුලේ කිසිවකු දැකගන්නට නොලැබීම පිළිබඳ යම් කසුකුසුවක් ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එමෙන්ම පළාත් පාලන මැතිවරණයද එහි තවත් මාතෘකාවක් වී තිබිණි.

views

227 Views

Comments

arrow-up