විවාහ මංගල්‍යයට යමින් සිටි පිරිස රැගත් ත්‍රිරෝද රථය ප්‍රපාතයකට

විවාහ මංගල උත්සවයකට ගමන් ගත් පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ පසු පස අසුනේ ගමන් ගත් මගින් තිදෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (04) දින ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
පසුගිය (04) දින පස්වරු 4.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදිය.
අධික බැවුමක් සහිත මාර්ගයක ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් තුවාල ලැබුවන් අතර කාන්තාවක්ද සිටින බවත්, එම පිරිස හැටන් කොටගල රෙසිටා වතුයායේ පදිංචිකරුවන් බවත්, එම පිරිස බගවන්තලාව පෙට්රොසෝ ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වි ආපසු නිවාස කරා ගමන් කරන අතරතුර මෙම අනතුර සිදු වි ඇති බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
තුවාල ලැබුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත යොමු කර ඇත.
අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
211 Views
Comments