යාලේ සෙල්ලම් දැමූ ඇමති අමරවීරගේ ඥාති පුතෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

යාලේ සෙල්ලම් දැමූ ඇමති අමරවීරගේ ඥාති පුතෙක් අත්අඩංගුවට

යාලේ සෙල්ලම් දැමූ ඇමති අමරවීරගේ ඥාති පුතෙක් අත්අඩංගුවට

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

 

ඒ, යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට සංවේදී කලාපවල, වාහනවලින් සැරිසැරූ පිරිසට අයත්වීම හේතුවෙන්.

 

වයස අවුරුදු 30ක් වන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ යාල ජාතික වනෝද්‍යානයේ පලටුපාන මූලස්ථානය වෙත පැමිණ ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව් ඒ ඩී යූ ඉන්ද්‍රජිත් වෙත භාරවීමෙන් අනතුරුවයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන වනජීවී නිලධාරීන් සීසීටීවී කැමරා දර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සැකකරු විසින් යාල ජාතික වනෝද්‍යානය ඉදිරිපිටදී ජීප් රථයකට නැග ඇති බවයි වාර්තා වන්නේ.

 

සිය ඥාති පුත්‍රයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර විසින් වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

 

එම සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඊයේ මුදා හැර තිබෙනවා.

 

සිද්ධියට අදාල අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද පුද්ගලයින් 09 දෙනෙකු වාහන 06 ක් සමග යාල වනජීවි නිලධාරීන් වෙත භාර වුණා. ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

වාහන 32කින් සියයකට අධික පිරිසක් ඉකුත් දා යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට සංවේදී කලාපවල වාහන ධාවනය කර තිබුණා.

 

එය මැඩපැවැත්වීමට ක්‍රීයා නොකිරීම හේතුවෙන් වනජීවී මාර්ගෝපදේශකවරුන් 7දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ.

 

ඒඅනුව සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය හා වනජීවී දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.   

views

209 Views

Comments

arrow-up