වාහන අමතර කොටස් හා විලවුන් ආනයන සීමා ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

වාහන අමතර කොටස් හා විලවුන් ආනයන සීමා ඉවතට

වාහන අමතර කොටස් හා විලවුන් ආනයන සීමා ඉවතට

රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන අමතර කොටස් සහ ආශ්‍රිත අපනයන ද්‍රව්‍ය සඳහා වන අමුද්‍රව්‍ය ආනයන සීමා ඉදිරි සති දෙක ඇතුළත ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.


විදේශ විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ කිහිපයකට ආනයන සීමා පැනවීමට සිදු වූ බව ඔහු පැවසීය.

 

කෙසේ වෙතත් ව්‍යාපාරික ඉල්ලීම් වලට අනුව නිෂ්පාදන 700කට වඩා ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී.

 

"ඉදිරි සති දෙක ඇතුළත වාහන අමතර කොටස් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමාවන් අදාළ අංශවල පුද්ගලයින්ගේ ඉල්ලීම් අනුව ඉවත් කෙරෙනු ඇත," ඔහු පැවසීය.

views

216 Views

Comments

arrow-up