අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

අද කාලගුණය

අද කාලගුණය

පහළ මට්ටමේ වායුගෝලීය කැළඹීම දිවයින ආසන්නයේ තවමත් පවතී. එබැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැක.

 

 

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

views

269 Views

Comments

arrow-up