සාදයේ ආරවුල දුරදිග ගොස් පිහි පහරින් දෙදරු පියා අවසන් ගමන් යයි

වැලිගම, හෙට්ටිවීදිය එරල් ජයවික්‍රම මාවතේ පදිංචිකරුවකු වන ජානක ඉන්ද්‍රජිත් ගුණසිංහ නමැති 42හැවිරිදි දෙදරු පියෙකුට පිරිසක් විසින් පිහියකින් ඇන ඝාතනය කර ඇති බව වැලිගම පොලිසිය පවසයි.
සාදය පැවති නිවසේ සිට තම නිවසට පැමිණෙමින් සිටියදී මොහුට පිහියෙන් ඇන තිබේ. එම අවස්ථාවේ ප්රදේශවේ විදුලිය ඇණහිට තිබී ඇත.
තුවාල ලත් පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු එහිදී මියගොස් තිබේ.
ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස සේවය කළ ඔහුගේ බිරිඳ වන නිරෝෂා දීපානි ඇයගේ ස්වාමි පුරුෂයාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය.
“සිද්ධ වුණේ මොකක්ද කියා දන්නේ නැහැ. අපි කවුරුත් මඟුල් ගෙදර ගියා. එහෙදිත් මේගොල්ලෝ බීල හොඳටම රණ්ඩු වුණා. මගේ මහත්තයත් බීල හිටියෙ. රෑ තමයි මේ සිද්ධිය වුණේ. කට්ටියම ඇවිල්ල රෑ අපේ ගෙදර ගාව පොරබැදුව. ඊට පස්සේ තමයි මහත්තයා බිමට වැටුණේ.
මුළු පවුලක්ම අනාථයි ඉගෙන ගන්න දරුවො ඉන්නෙ. මේ අපරාධකාරයන්ට දඬුවම් දෙන්න ඕන. ඒත් තාත්ත කෙනෙක් නැතුව කොහොමද අපි ගෙදර ජීවත් වෙන්නෙ.”
287 Views
Comments