පකිස්තානයේ දේව අපහාස නීතිය ගැන මත ගැටුමක

පකිස්තානයේ හිටපු මානව හිමිකම් අමාත්‍ය ආචාර්ය ෂිරීන් මසාරි, දේවාපහාස නීතිය අවභාවිත කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන්ට යවන ලද ලිපිය විදේශ මැදිහත්වීමට ආරාධනා කිරීමේ උත්සාහයක් බවට පාකිස්තාන උලමා කවුන්සිලයේ (PUC) සභාපති හාෆීස් මුහම්මද් තහීර් මෙහ්මුද් අෂ්රෆි චෝදනා කර තිබේ.
ඉස්ලාමාබාද් හි මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ රටේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා දේශිය සාකච්ඡා පැවත්වීමේ ඉඩක් පවතින පසුබිමක ඇය ජාත්‍යන්තරය වෙත යාම පිළිබද ගැටලුවක් ඇති බවයි.
අධිකරණය, ඉස්ලාමීය දෘෂ්ටිවාද කවුන්සිලය සහ මුත්තහිදා උලමා මණ්ඩලය වැනි ජාතික ආයතන වෙතින් ඇයට මේ සඳහා විසදුමක් නොලැබුණේනම්, ඇයට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය වෙත යා හැකිව තිබූ බව ද ඔහු පැවසීය.
ආරම්භයේ සිටම මෙම නීතියට විරුද්ධ වූ සහ හැකි සෑම ආකාරයකින්ම එය අහෝසි කිරීමට හෝ දුර්වල කිරීමට උත්සාහ කරමින් සිටි අයට මැසාරිගේ ලිපිය උපකාර වනු ඇති බවට ද අශ්රෆි බිය පළ කර ඇත.
616 Views
Comments