ඩීසල් තිබෙන්නේ ටොන් 5000යි බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

ඩීසල් තිබෙන්නේ ටොන් 5000යි බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කියයි

ඩීසල් තිබෙන්නේ ටොන් 5000යි බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කියයි

නැවත ඩීසල් නෞකාවක් පැමිණෙන තුරු ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩීසල් ටොන් 4000- 5000ක ප්‍රමාණයක් පමණක් බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු  ඊයේ (12) පැවසීය.  

 

මැයි 15 වැනිදා වන විට ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් නෞකාවක් පැමිණෙනු ඇති බවට විශ්වාස කරන බවද හෙතෙම පැවසීය.

 

 සතියක් සඳහා ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින අතර මාසයකට පමණ ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන තිබෙන බවද ඔහු පැවසීය.

 

 ඉන්ධන ගැටළුව විසඳා ගැනීම සම්බන්ධයෙන් නව රජයට යෝජනා මාලවක් ඉදිරිපත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

views

598 Views

Comments

arrow-up