පොලිස් බැරිකේට් වලට මොකද වුනේ..?

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන්ගේ විරෝධතාවය වැළැක්වීම සඳහා පොලීසිය විසින් මාර්ගය හරස්කර දමා තිබූ මාර්ග බාධක සිසුන් විසින් දියවන්නා ඔයට විසිකර තිබෙනවා.
සිසුන් එන මඟ වැළැක්වීමට මෙම මාර්ග බාධක යොදා ඒවා අතරින් GI බටද යොදා ශක්තිමත්ව ඉදිකර තිබුණා.
කෙසේවෙතත් සරසවි සිසුන් විසින් අදාළ මාර්ග බාධක පෙරළා දමා ඒවා දියවන්නා ඔයට විසිකර දමා තිබෙන අයුරු දක්නට ලැබුණා.
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය දෙපස ඉදිකර ඇති ස්ථිර මාර්ග බාධකද සරසවි සිසුන් විසින් මේ වන විට බිඳ හෙළා තිබෙනවා.
කෙසේවෙතත් මෙම සිසුන්ට පොලීසිය විසින් අවස්ථා කිහිපයකදීම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළා.
614 Views
Comments