පැය 24 ක සංකේත වර්ජනය අවසන්

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ආරම්භ කළ පැය 24 ක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
ඒ අනුව අද දිනයේදී නැවතත් සියලු රාජ්‍ය සේවා /විදුලිය / සෞඛ්‍ය / ජලය / වරාය / අධ්‍යාපන / තැපැල් ඇතුලු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති.
දහසකට අධික වෘත්තීය සමිති එක්ව සමස්ථ දිවයිනම ආවරණය පරිදි ඊයේ සිදුකල වැඩවර්ජනය හේතුවෙන් සේවා රැසක් බිදවැටීමට ලක්වුණා.
කෙසේවෙතත් රෝහල් ඇතුලු අත්‍යවශ්‍ය සේවා කිහිපයක හදිසි සේවාවන් බිද වැටීමට නොදී වැඩ වර්ජනය පවත්වාගෙන යාමටයි වෘත්තීය සමිති නියෝජිතයින් පියවර ගෙන තිබුණේ.
678 Views
Comments