“ගෝඨාභය හොරෙක් කියලා ඔප්පු කලොත් මන්ත්‍රී ධුරය අත්හරිනවා” - මහින්දානන්ද
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

“ගෝඨාභය හොරෙක් කියලා ඔප්පු කලොත් මන්ත්‍රී ධුරය අත්හරිනවා” - මහින්දානන්ද

“ගෝඨාභය හොරෙක් කියලා ඔප්පු කලොත් මන්ත්‍රී ධුරය අත්හරිනවා” - මහින්දානන්ද

ගෝඨාභය රාජපක්ෂ මහතා සොරකම් කළ බවට ඔප්පු වී ඇති එක වාර්තාවක් හෝ සභාගත කළ හොත් තමා හෙට දිනයේ පාර්ලිමේන්තු ධුරයෙන් ඉවත් වන බව මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

 

විශේෂ අධිකරණයක් පිහිටුවා දවසින් දවස නඩු අසමින් රාජපක්ෂ මහතා හිරේ දැමීමට පසුගිය ආණ්ඩුව උත්සාහ කළ බව පැවසූ මන්ත්‍රීවරයා ඔවුන්ට පසුගිය අවුරුදු පහටම හොරෙක් හොයා ගත නොහැකි වුණ බව කීවේය.

 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆයිල් වසා දමා ඇති බවට රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කළ චෝදනාවට පිළිතුරු ලබාදෙමින් අලු‍ත්ගමගේ මහතා එලෙස පැවසුවේය.

 

රාජපක්ෂ මහතා සොරකම් කළ වැලි ඇටයක හෝ අබ ඇටයක දෙයක් සොයා ගත හැකි වූයේ නම් එතුමා අද ජනාධිපති මැඳුරේ වෙනුවට සිපිරි ගෙයක සිටිනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 

“ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව හිරේ දාන්න විශේෂ අධිකරණයක් හදලා දවසින් දවස නඩු ඇහුවා. එහි මිග් යානා ඇතුළු හැමදේම හෙව්වා. හොයලා තිබෙන හැමදේටම නඩු දැම්මා. ඒත් ඒ අවුරුදු පහේම ගෝඨාභය හොරෙක් කියලා හොයා ගන්න බැරි වුණා” යැයි ද හෙතෙම කීවේය.

views

636 Views

Comments

arrow-up