මහින්ද ගියොත් අගමැති නාමල් - ජොන්ස්ටන්, මහින්දානන්ද හා රෝහිතගෙන් යෝජනා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අභිමතය පරිදි නාමල් රාජපක්ෂ අගමැතිධුරයට පත් විය යුතු බවට වන යෝජනාවක් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාවට භාජනය වී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එම ධුරය සඳහා සුදුසුකම් සම්පූර්ණ කල එකම පුද්ගලයා නාමල් රාජජපක්ෂ බව ආණ්ඩුවේ ප්‍රබල ඇමති කණ්ඩායමක් අගමැතිවරයාට දැනුම් දී ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රමුඛ මැති ඇමතිවරු කණ්ඩායමක් නාමල් රාජපක්ෂ අගමැතිධුරයට පත් කරගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බවත් වාර්තාවේ.
කෙසේ වුවත් මේ සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.
727 Views
Comments