ලිට්‍රො ගෑස් සැපයුම 50%කින් අඩු කරයි.. දරවලට යන්නැයි ජනතාවට දන්වයි..
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ලිට්‍රො ගෑස් සැපයුම 50%කින් අඩු කරයි.. දරවලට යන්නැයි ජනතාවට දන්වයි..

ලිට්‍රො ගෑස් සැපයුම 50%කින් අඩු කරයි.. දරවලට යන්නැයි ජනතාවට දන්වයි..

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර තිබේ.


එහි සභාපති විජිත හේරත් මහතා පවසන්නේ රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් ගෑස් සැපයුම නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සිදු කරන බවයි.


ඒ අනුව මෙතෙක් දෛනික සිලින්ඩර 60,000-80,000 ත් අතර සිදු කල ගෑස් සැපයුම පැවැති ගෑස් සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කරයි.


මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට ඩොලර් මිලියන 30ක් අවශ්‍ය බවත් පවතින තත්වය මත එවන් වියදමක් කළ නොහැකි බවත් හෙතෙම පැවසීය.


දර ඇතුළු සෙසු වර්ග පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත ඒවා වෙත යොමු වීම රට වෙනුවෙන් කළයුතු දෙයක් බවත් ජනතාව මෙම තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.

views

712 Views

Comments

arrow-up