මහජන බැංකුවට බිලියන 54ක ණය පොල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

මහජන බැංකුවට බිලියන 54ක ණය පොල්ලක්

මහජන බැංකුවට බිලියන 54ක ණය පොල්ලක්

මහජන බැංකුව  පෞද්ගලික අංශයේ විවිධ සමාගම්  රැසකට  දුන් රුපියල්   කෝටි 5400 කට  ආසන්න ණය මුදලක් ගෙවීම පැහැර හැර  ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

 

 

මෙම ණය ලබාගෙන  ඇති ආයතන, ණය ලබාදීම සඳහා  ඇගයීම් කළ ආකාරය සහ  අනුමැතිය ලබාදීම සදහා සම්බන්ධ වූ පුද්ගලයන් ඇතුළු කරුණු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන  ලෙස  කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාට  (04) නිර්දේශ කළේය.

views

608 Views

Comments

arrow-up