මුහුද මැද ගැටුමෙන් පසු අතරමංව සිටි ධීවරයෝ දින හයකට පසු ගොඩබිමට

ධීවරයින් පිරිසක් අතර මුහුදේ මැදදී ඇතිවූ ගැටුමකින් අනතුරුව මුහුදේ අතරමංව සිටි ධීවර කාර්මිකයින් සිව්දෙනෙකු ඊයේ(16) ගාල්ල ධීවර වරායට පැමිණීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගාල්ල වරාය පොලිසිය කියයි.
මෙම ධීවර කාර්මිකයින් සිව්දෙනා ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවිය. ඔවුන් ගොඩබිමට පැමිණ ඇත්තේ මුහුදේදී ගැටුම ඇතිවී දින 06කට පසුවයි.
පසුගිය පෙබරවාරි 09 වනදා මිරිස්ස ධීවර වරායෙන් ධීවර කාර්මිකයින් පස්දෙනකු බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් තිබේ.
බහුදින ධීවර යාත්රාවේ නියමුවා සහ ධීවරයින් අතර මුහුදේදී ගැටුමක් ඇතිවී තිබේ.
මෙම ගැටුමෙන් පසු බහුදින ධීවර යාත්රාවේ නියමුවා විසින් බෝට්ටුවේ රේඩාර් පද්ධතියට හානි කර මුහුදේදීම වෙනත් බෝට්ටුවක නැග පලා ගොස් ඇත.
පසුව අතරමං වූ මොවුන් එම බහුදින යාත්‍රාවෙන්ම ගාල්ල ධීවර වරායට පැමිණ තිබුණි.
690 Views
Comments