MAR
30
ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි

ගල්කිස්ස කටුකුරුඳුවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා වයස අවුරුදු 28 සහ 32 යන වයස්වල කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.
වැල්ලම්පිටිය සහ විතාරන්දෙණිය යන ප්‍රදේශ වල පදිංචි මෙම සැකකාරියන් දෙදෙනා ගණිකා නිවාසය කළමණාකරණය කිරීම සහ සහාය වීම යන චෝදනා මත ගල්කිස්ස පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
187 Views
Comments