අතුරුගිරියේ ලී මෝලේ ඝාතකයා දින දෙකක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

අතුරුගිරියේ ලී මෝලේ ඝාතකයා දින දෙකක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අතුරුගිරියේ ලී මෝලේ ඝාතකයා දින දෙකක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අතුරුගිරිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද (08) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබාදුන්නේය. අදාල සැකකරුව පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් අතර ඔහුව අද උදෑසන  ඝාතනය සිදුකළ ස්ථානයට රැගෙන යාමට පොලිසිය කටයුතු කළේය.

 

29 හැවිරිදි සැකකරු මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද පොලිසිය සදහන් කළේය.

 

පසුගිය 02 වනදා සවස් කාලයේ අතුරුගිය පොලිස් වසමේ ගොඩගම පාර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක හිමිකාරියක් වෙළෙඳසැලේ කාර්යාල කාමරය අසල ආයුධයකින් මුඛයට ඇන අමානුෂික ලෙස ඝාතනය කර තිබුණු අතර එම ලී වෙළෙඳසැලේ සේවය කළ 51 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකුට ද තියුණු ආයුධයකින් පහරදී තිබුණේය. එම පුද්ගලයා පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 06 වනදා මියගොස් තිබේ.

 

මියගිය කාන්තාවගේ රුපියල් 450,000 ක් පමණ වටිනා රන්මාලය කොල්ලකා උකස් කරන ලද රිසිට්පතද සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලිස් භාරයට ගෙන තිබුණේය.

views

273 Views

Comments

arrow-up