ඇමති අලි සබ්‍රි පාකිස්තාන මහකොමසාරිස් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ඇමති අලි සබ්‍රි පාකිස්තාන මහකොමසාරිස් හමුවේ

ඇමති අලි සබ්‍රි පාකිස්තාන මහකොමසාරිස් හමුවේ

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මෙරට පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල්(විශ්‍රාමික) උමර් ෆරූක් බුර්කි හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශික සබඳතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම දෙරටේ ද්වි මාර්ගික සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස පුද්ගල අන්තර් සබඳතා ශක්තිමත් කළ යුතු බවද ඔවුන් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

බොහෝ කලාපීය සහ ජාත්‍යන්තර වේදිකා වල පවතින අසීරුතා මධ්‍යයේ වුවද පාකිස්තාන රාජ්‍යය විසින් මෙරටට පිරිනමන ලද විශ්වාසවන්ත සහ ස්ථාවර සහයෝගය පිලිබඳවද මෙහිදී අමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා.

views

248 Views

Comments

arrow-up