නොරොච්චෝලෙට පණ ගන්න දවස් තුනක් යනවා

රට පුරා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ද මුළුමනින්ම යථා තත්ත්වයට පත් කිරීමට දින 3ක් පමණ ගතවන බව වාර්තා වෙයි.
එබැවින් විදුලි ඉල්ලුම මත පදනම්ව කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළා.
විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙගාවොට් 900ක විදුලිය නිපදවන බලාගාර 3 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනතුරු එලෙස ඉදිරි දින කිහිපයේ දිවයින පුරා ප්‍රදේශවල එලෙස කෙටිකාලීන විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.
761 Views
Comments