ගස් සිටුවන ලෙස තමාට දුන් නියෝගය බලරහිත කරන්නැයි බදියුදීන් ඉල්ලයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළේය.
විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව පිහිටි කල්ලාරු රක්ෂිත කැළෑ ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කෙරුණු නඩුවකදී අභියාචනාධිකරණය විසින් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලමින්ය එම පෙත්සම ගොනුකර තිබුණි.
මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
737 Views
Comments