“මිස් කෝල්’ එකෙන් දැරිය “මිසින්” වෙයි - අතුරුදන් වූ දියණිය සොයා දෙන්නැයි මව පොලිසියේ වැළපෙයි

10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි තම දියණිය අතුරුදන්ව ඇති බවට කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් අනුව පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.
නෙලූකා චාන්දනී නමැති 40 හැවිරිදි කාන්තාවක් විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මග්ගොන, ගොඩැල්ල පාරේ පදිංචිව සිටින ඇය දියණිය අතුරුදන්වූ දින උදෑසන 9.15ට පමණ තමන් වෙළෙඳසැලකට ගොස් නැවත නිවසට පැමිණෙන විට දියණිය දක්නට නොලැබුණු බවත් ඇය සොයාදෙන ලෙසත් පොලිසියෙන් බැගෑපත්ව හැඬූ කඳුලින් ප්‍රකාශ කර ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගෙනීම් කටයුතු සඳහා දැරියට ජංගම දුරකථනයක් මිලදීගෙන ලබාදී තිබෙන අතර එම දුරකථනයට වෙනත් ජංගම දුරකතනයකින් නිතර නිතර ඇමතුම් ලබාගෙන ඇති බවත් එය මේ වනවිට විසන්ධි කර තිබෙන බවත් පොලිසිය පවසයි.
දැරියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලැබුණු දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
1038 Views
Comments