නොරොච්චෝලේ ආයේමත් වැට උඩ - ඉදිරි වසරේ විදුලි කැපිල්ලේ වැඩී වීමක්!
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

නොරොච්චෝලේ ආයේමත් වැට උඩ - ඉදිරි වසරේ විදුලි කැපිල්ලේ වැඩී වීමක්!

නොරොච්චෝලේ ආයේමත් වැට උඩ - ඉදිරි වසරේ විදුලි කැපිල්ලේ වැඩී වීමක්!

නොරොච්චෝලේ ගල් අඟරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නෞකා ගොඩබෑම හරි අඩකින් මේ වන විට අඩුවීම හේතුවෙන් ලබන වසරේදී නොරොච්චෝලේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි අවධානමක් මතුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ගයන් "ආයුබෝ" වෙත පැවසීය.

 

එළැඹෙන වාරකන් සමයට පෙර සැළසුම් කර පරිදි ගල් අඟුරු නෞකා ගොඩබෑමට කටයුතු කළද මේ වන විට නෞකා 4 ක් පමණක් ගොඩබා ඇති බවත් කෙසේ නමුත් මේ වන විට සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ නෞකා 11 ක් පමණ ගොඩබා තිබිය යුතු බවද එම ආරංචි මාර්ගයන් සදහන් කළේය.

 

ලබන වසරේ මැයි පමණ වන විට ගල් අඟරු නෞකා 38 ක් ගොඩබා තිබිය යුතු බවත් මේ තත්ත්වය යටතේ එම සංඛාවට ලංවීම අවධානම් සහිත බවද ආරංචි මාර්ගයන් කියාසිටියේය.

 

කැදවා තිබූ ගල් අඟරු ටෙන්ඩරය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වීම නිසා එය අහෝසි කිරීම මීට මූලක හේතුවයි.

 

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟරු බලාගාරයෙන් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබා දෙන අතර ඊට අවශ්‍ය ගල් අගුරු නියමිත පරිදි නොලැබුණහොත් ලබන වසරේ මැද වන විට දැඩි විදුලි අර්බුදයට මුහුණ දීමට සිදු වන බවද විදුලි ඉංජිනේරුවන් ද අනතුරු අඟවති.

views

205 Views

Comments

arrow-up