සෙල්ලම් ගෙයි චීත්තයට ගෙළ සිරවී 11 හැවිරිදි දැරිය මරුට

තම නැගණිය සමඟ විවිධ ඇදුම් ඇඳ නිවසේ සෙල්ලම් කරමින් සිටි මිරිස්ස හේන්වල පදිංචි 11 හැවිරිදි දැරියක් චීත්ත රෙද්දක් ගෙල සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොටවිල පොලීසිය පවසයි.
එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව තිබෙන්නේ මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දංකොලුවලියනගේ චතුමී නිසල්කා නැමැති 11 හැවිරිදි සිසුවියකි.
ඉකුත් වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසු ඇය මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වෙත සුදුසුකම් ලබා එහි 06වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.
මෙම දැරිය ගුරුවරියක ලෙස මවගේ සාරි ඇඳ නැගණියට ඉගැන්වීම, චීත්තය ඇඳ මිත්තණිය මෙන් රඟපාමින් නැගණිය සමඟ විනෝද වී ඇත.
853 Views
Comments