විවාහ පොරොන්දු කැඩූ කොස්තාපල් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

විවාහ පොරොන්දු කැඩූ කොස්තාපල් අත්අඩංගුවට

විවාහ පොරොන්දු කැඩූ කොස්තාපල් අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

සැකකාර පොලිස් කොස්තාපල්වරයා පදවිය පොලිසියේ රාජකාරි කරන විවාහක අයකු බවද අනාවරණය වී තිබේ.

 

පොලිස් කොස්තාපල්වරිය 2019 වසරේ නෙදුන්කේනි පොලීසියේ සේවය කරමින් සිටින කාලයේ මෙම පොලිස් කොස්තාපල්වරයා සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු වී මෙම මුදල ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

 

සැකකරු එම මුදල ලබාගෙන කොස්තාපල්වරිය මගහැර ඇති අතර මුදල් වංචා කළ බවට කොස්තාපල්වරිය විසින් වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

views

308 Views

Comments

arrow-up